• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2013 අංක 33 දරන ක්‍රීඩා වල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ 34(1) වගන්තිය යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
- 2013 අංක 33 දරන ක්‍රීඩා වල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ 34(1) වගන්තිය යටතේ සකස් කරන ලද 2021 පෙබරවාරි 23 දිනැති අංක 2216/4 දරන අති විශෙෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස තරුණ හා ක්‍රීඩා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.