• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් වන ප්‍රධාන අණපනත් සංශෝධනය
- මීට දශක ගණනාවකට පෙර නීතිගත වී ඇති පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ප්‍රධාන අණපනත් වන මහනගර සභා ආඥාපනත, නගර සභා ආඥාපනත සහ ප්‍රාදේශීය සභා පනත යාවත්කාලීන කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් අදාළ පනත් කෙටුම්පත් සකස් කරනු ලැබ ඇත. එම පනත් කෙටුම්පත් සඳහා තවදුරටත් සිදු කළ යුතු සංශෝධන ගණනාවක් නීතිපතිතුමා විසින් පෙන්වා දී ඇත. එකී සංශෝධන ද ඇතුළත් කරමින් දැනට සකස් කර ඇති එම පනත් කෙටුම්පත් තවදුරටත් සංශෝධනය කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයේ 154උ ව්‍යවස්ථාවෙහි විධිවිධාන පරිදි පළාත් සභාවල අදහස් විමසීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.