• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
- ආනයනය තාවකාලිකව අත්හිටුවන ලද සෙරමික් නිෂ්පාදන දින 180ක ණය පදනම මත ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමටත්, බතික් හා අත් යන්ත්‍ර මඟින් වියන ලද ඇඟළුම් හා රෙදිපිළි හැර වෙනත් සාරි වර්ග දින 90ක ණය පදනම මත ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමටත් හැකි වන පරිදි විධිවිධාන ඇතුළත්ව 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කර ඇති අංක 2214/56 දරන 2021 පෙබරවාරි මස 11 දිනැති ගැසට් නිවේදනය, එකී පනතේ 20 වන වගන්තියේ විධිවිධාන පරිදි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.