• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යෝජිත වත්කම් උපයෝගිතා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත
- 2021 අයවැය කථාවේ සඳහන් පරිදි ජාතික යහපත හා ජාතික ආර්ථිකයේ වැඩි දියුණුව උදෙසා ඉඩම් ද ඇතුළුව ඌන උපයෝජිත වත්කම් උපරිම ඵලදායී අන්දමින් භාවිත කිරීම සහතික කිරීම සඳහා කඩිනම් පියවර ගත යුතුව ඇත. විශේෂයෙන්ම, දිගුකාලීන බදු පදනම මත ලබා දී ඇති ඌන උපයෝජිත රජයේ ඉඩම්, විවිධ හේතූන් මත ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වී ඇති සහාධිපත්‍ය දේපළ සහ ඌන උපයෝජිත ඉඩම් ඇතුළු වත්කම් සහිත රාජ්‍ය ව්‍යවසායන් උපරිම ඵලදායී අන්දමින් භාවිත කිරීම පිණිස යෝග්‍ය ක්‍රමවේදයක් හඳුන්වාදීම ප්‍රමුඛ අවශ්‍යතාවක් වී තිබේ. ඒ අනුව, වත්කම් උපයෝගිතා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නමින් ආයතනයක් ස්ථාපිත කර හඳුනාගනු ලබන ඌන උපයෝජිත වත්කම් ඵලදායී අයුරින් උපයෝජනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස එම ආයතනයට අවශ්‍ය නීතිමය බලතල සලසා දීමටත්, ඒ සඳහා අවශ්‍ය විධිවිධාන ඇතුළත්ව වත්කම් උපයෝගිතා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත් කෙටුම්පත සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.