• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ක්‍රීඩා දිනය ප්‍රකාශයට පත් කිරීම
- සෑම වසරකම අප්‍රේල් මස 06 වන දින ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා දිනය වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සඳහා 2014 ජූලි මස 10 දින අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ලැබ ඇත. එහෙත්, අප්‍රේල් මස 06 වෙනි දින වන විට රට තුළ පවතින උත්සව සමය හා අලුත් අවුරුදු සූදානම නිසා එම දිනය කෙරෙහි වැඩි ජනතා අවධානයක් යොමු කර ගැනීම අපහසුය. ක්‍රීඩා දිනයක් ප්‍රකාශ කිරීම මඟින් ක්‍රීඩකයන්ට මෙන්ම සමස්ත ජනතාවටම ක්‍රීඩා පිළිබඳව අවබෝධයක් සහ ක්‍රීඩාවට ලැදියාවක් ඇති විය යුතු බැවින්, ජාතික ක්‍රීඩා දිනය වශයෙන් වෙනත් යෝග්‍ය දිනයක් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාව ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධ විවිධ කණ්ඩායම් විසින් පෙන්වා දී ඇත. එම කරුණු සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් ඩන්කන් වයිට් මහතා ඔලිම්පික් තරගාවලියකදී මීටර් 400 කඩුලු මතින් දිවීම සඳහා රිදී පදක්කම දිනා ගත් ජූලි මස 31 දිනය ජාතික ක්‍රීඩා දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීම පිණිස තරුණ හා ක්‍රීඩා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.