• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ජලාශවල වරල් සහිත මසුන් හා මිරිදිය කරදඬු ඉස්සන් සඳහා වගා මූලික ධීවර කර්මාන්තය වඩා ඵලදායී, කාර්යක්ෂම හා චිරස්ථායී ලෙස සිදු කිරීම උදෙසා වන පර්යේෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
- ශ්‍රී ලංකාව තුළ මිරිදිය කරදඬු ඉස්සන් වගාව ඉහළ විභවයක් සහිත ව්‍යාපාරයක් වශයෙන් දියුණු කර ග්‍රාමීය ධීවර ප්‍රජාව වෙත ප්‍රතිලාභ අත්කර දිය හැකි ක්ෂේත්‍රයක් බව හඳුනාගෙන ඇත. එම ඉස්සන් පැටව් මිරිදිය ජලාශයන්ට මුදා හැරීම විද්‍යානුකූලව සිදු නොවන බැවින්, ඒ පිළිබඳ විද්‍යාත්මක පරීක්ෂණයක් පැවැත්වීම සුදුසු බවට හඳුනාගෙන ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය, රුහුණ විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) සහ ඕස්ට්‍රේලියාවේ ජෙම්ස් කුක් විශ්වවිද්‍යාලය (James Cook University of Australia) සමඟ එක්ව එකී පර්යේෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අදාළ ආයතන අතර පර්යේෂණ ගිවිසුමකට එළඹීමටත් අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.