• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රමාණවත් සහල් තොග වෙළඳපොළට සැපයීම
- පාලන මිල යටතේ දැනට වෙ‍ළඳපොළෙහි ප්‍රමාණවත් සහල් තොග නොමැති වීම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු වූ අතර, ඒ සඳහා ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරන ලදී. ඒ අනුව ප්‍රථමයෙන් වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් මිල දී ගන්නා වී තොග සහල් බවට පරිවර්තනය කර අඛණ්ඩව සතොස ආයතනයේ ශාඛා ජාලය මඟින් කඩිනමින් බෙදා හැරීමටත්, එම වැඩපිළිවෙ‍ෙලහි ප්‍රගතිය සැලකිල්ලට ගෙන තවදුරටත් ගත යුතු විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව සලකා බැලීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.