• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉදිකිරීම් යන්ත්‍ර, උපකරණ සහ භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන වාහන ප්‍රසම්පාදනය සහ ඒවා රාජ්‍ය ආයතනවලට සැපයීම
- රජය විසින් මහාමාර්ග, වාරිමාර්ග, ගොඩනැගිලි සහ වෙනත් ක්ෂේත්‍රයන්හි සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එහෙත් ඉදිකිරීම් කර්මාන්තයේ සහ දේශීය ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ගේ ධාරිතාව සලකා බැලීමේදී අපේක්ෂිත අයුරින් එම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අපහසු විය හැකි බවට නිරීක්ෂණය වී ඇත. එම තත්ත්වය යටතේ හඳුනාගත් වැදගත් ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉදි කිරීම් කටයුතුවල නිරත රජයට අයත් ආයතන වෙත පැවරීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන පස් ඉවත් කිරීමේ හා ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ, මාර්ග සහ ගොඩනැඟිලි ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ, එම කාර්යන්ට අදාළ වෙනත් උපකරණ, පෙර නිමි ගොඩනැඟිලි සහ භාණ්ඩ ප්‍රවාහන හා සේවා සපයන වාහන සහ නඩත්තු වාහන වැනි දෑ රජය විසින් ප්‍රසම්පාදනය කර ඉදිකිරීම් කටයුතුවල නිරත රජය සතු ආයතන වෙත සැපයීම මඟින් එම ආයතනවල ධාරිතාව වර්ධනය කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා එවැනි උපකරණ නිෂ්පාදකයින් විසින් දේශීය නියෝජිතයින් සමඟ එක්ව පිරිනමනු ලබන සැපයුම්කරුගේ ණය පහසුකම් (Supplier's Credit Facility) ක්‍රමවේදය යටතේ, අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් එකී යන්ත්‍ර සූත්‍ර මිල දී ගැනීම පිණිස මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.