• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නව බදු යෝජනා ක්‍රියාත්මක කිරීම
- අතිගරු ජනාධිපතිතුමාගේ ජනතා ප්‍රතිඥාව අනුව සරල, විනිවිදභාවයෙන් යුතු කාර්යක්ෂම බදු ක්‍රමයක් හඳුන්වා දීම පිණිස ඉදිරිපත් කළ "ආර්ථික පුනර්ජීවන මූලාරම්භයන්" මඟින් ඉදිරිපත් කරන ලද බදු ප්‍රතිසංස්කරණයන්, 2021 අයවැය මඟින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවන්ට අදාළ බදු සංශෝධන හා ප්‍රතිපත්ති තීරණ ක්‍රියාත්මක කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක විසින් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සහ 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පත් සකස් කර ඇත. එකී පනත් කෙටුම්පත් සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී ඇති අතර, එම පනත් කෙටුම්පත් ගැසට් පත්‍රයේ පළ කර ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.