• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ත්‍රිපිටක සංරක්ෂිත පනතක් පැනවීම
- බුදු දහමේ කේන්ද්‍රස්ථානය ලෙස මෙරට පිළිගැනීමට ලක් වී ඇති අතර, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමක් වේ. 1956 වර්ෂයේදී 2500 වන ශ්‍රී සම්බුද්ධ ජයන්තිය සැමරීම නිමිති කොට ගෙන ත්‍රිපිටකය සිංහල භාෂා පරිවර්තන සහිතව මුද්‍රණය කර ඇත. ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් 2019 පෙබරවාරි 07 දිනැති ගැසට් නිවේදනය මඟින් ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කර ඇති අතර, එමඟින් රජයේ අවසරයකින් තොරව එය සංස්කරණය කිරීම, වැරදි අර්ථකථනය ලබා දීම හෝ පරිවර්තනය කිරීම වළකා තිබේ. අනාගත පරම්පරාවන් වෙනුවෙන් ත්‍රිපිටකය ආරක්ෂා කර තැබීම සඳහා 'ත්‍රිපිටක සංරක්ෂිත පනතක්' පාර්ලිමේන්තුව මඟින් සම්මත කිරීමටත්, ඒ සඳහා පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිසත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.