• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමෘද්ධි පවුල්වලින් තෝරාගත් තරුණ කාන්තා ව්‍යවසායකයින් ඉලක්ක කර ගනිමින් සෑම ග්‍රාම නිලධාරි කොට්ඨාසයකම නිවසක් සහ වෙළඳසැලක් (Homeshop) පිහිටුවීමේ වැඩසටහන
- ආහාර බෙදා හැරීමේ ජාලය ශක්තිමත් කිරීම සඳහා සමෘද්ධි පවුල්වලින් තෝරා ගත් තරුණ කාන්තා ව්‍යවසායකයින් 25,000ක් ඉලක්ක කර ගෙන සෑම ග්‍රාම නිලධාරි කොට්ඨාසයකම නිවසක් හා වෙළඳසැලක් (Homeshop) ස්ථාපිත කිරීමේ වැඩසටහනක් අනෙකුත් අදාළ රේඛීය අමාත්‍යාංශ හා ආයතන සම්බන්ධ කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට මහාමාර්ග අමාත්‍යාංශය සැලසුම් කර ඇත. ව්‍යාපෘතිය සඳහා ජාතික මට්ටමේ මග පෙන්වීම ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව පිටු දැකීම සඳහා වන කාර්යසාධක බලකාය විසින් ද ව්‍යාපෘතිය මෙහෙයවීම සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මඟින් ද සිදු කරනු ඇත. දිවයින පුරා ආවරණය වන පරිදි මෙම වැඩසටහන මහාමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරනු ලබන මාර්ග කිලෝමීටර 100,000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන මඟින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මාර්ග කිලෝමීටර 100,000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ සංවර්ධනය කරනු ලබන මාර්ගයන්ට යාබදව යෝජිත නිවාස සහ වෙළඳසැල් ඉදි කරන අතර, එකී නිවාස හා වෙ‍ළෙඳසැල් වර්ග අඩි 200, 300, 400 හා 500 අතර ප්‍රමාණයන්ගෙන් යුක්තව අවශ්‍යතාව අනුව ඉදිකිරීමට නියමිතය. ඒ අනුව, එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.