• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශාලිකා ක්‍රීඩාංගනය හා ක්‍රීඩා සංකීර්ණය පිහිටි 'ඇන්ඩර්සන් ගොල්ෆ් ලින්ක්ස් පිටිය' නැමැති ඉඩම නිදහස් දීමනා පත්‍රයක් මඟින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට පවරා ගැනීම
- ප්‍රමාණයෙන් හෙක්ටයාර 3.4125ක් වන ශාලිකා ක්‍රීඩාංගණය හා ක්‍රීඩා සංකීර්ණය පිහිටි "ඇන්ඩර්සන් ගොල්ෆ් ලින්ක්ස් පිටිය" නමැති ඉඩම,1966 වර්ෂයේ සිට ලංකා ගමනාගමන මණ්ඩලය භාරයේ පවතී. එකී ඉඩම වෙනත් පාර්ශ්වයකට විකිණීමේ අයිතිය ලබා නොදීමට සහ එහි නොදියුණු වටිනාකම රජයට අය කර ගැනීමට යටත්ව රජයේ ඉඩම් ආඥාපනතේ විධිවිධාන ප්‍රකාරව ප්‍රදානයක් ලෙස දීමනා පත්‍රයක් මඟින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ලබා දීම පිණිස ප්‍රවාහන අමාත්‍යතුමා සහ ඉඩම් අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.