• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොවිඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ අධ්‍යාපන පද්ධතිය තුළ ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා රූපවාහිනී සේවා සහාය ලබා ගැනීම
- වසංගත තත්ත්වය හේතුවෙන් 2020 මාර්තු මාසයේ පාසල් වසා දැමීමට සිදු වූ අවස්ථාවේදී 5 වසර ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස.(සාමාන්‍ය පෙළ) සහ අ.පො.ස.(උසස් පෙළ) විෂයන්ට පෙනී සිටින සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ 'අයි නාලිකාව' සහ 'නේත්‍රා නාලිකාව' ඒකාබද්ධ කරමින් ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කරන ලද 'ගුරු ගෙදර' වැඩසටහන විකාශය කරන ලදී. 2020 වර්ෂයේ 3 වන පාසල් වාරය ආරම්භ කිරීම ප්‍රමාද වීම හේතුවෙන් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඩාලවීම වැළැක්වීම සඳහා 'ගුරු ගෙදර' වැඩසටහනේ 2 අදියර යටතේ 3 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිංහල හා දෙමළ මාධ්‍ය අධ්‍යාපන වැඩසටහන් 'අයි නාලිකාව' සහ 'නේත්‍රා නාලිකාව' සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම 2020 නොවැම්බර් මස 16 දින ආරම්භ කර ඇත. ඒ අනුව, 'ගුරු ගෙදර' අධ්‍යාපනික රූපවාහිනි වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන ඇමතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.