• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ උසස් අධ්‍යාපන කොමිෂන් සභාව අතර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
- දෙරටෙහි අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි අ‍න්‍යොන්‍ය සහයෝගිතාව ශක්තිමත් කිරීමට හා අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට හැකි වන පරිදි උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අධ්‍යාපනික හා විද්‍යාත්මක දැනුම හුවමාරු ශිෂ්‍යත්ව වැඩසටහනක් වසර පහක (05) කාලයක් තුළ ක්‍රියාත්මක කිරීම පිණිස ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ උසස් අධ්‍යාපන කොමිෂන් සභාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී ඇත. මෙම අවබෝධතා ගිවිසුම යටතේ අදාළ කාලය තුළ පාකිස්ථාන රජය විසින් පූර්ණ ශිෂ්‍යත්ව 800ක් සහ ප්‍රථම උපාධි සඳහා පාඨමාලා ගාස්තු නිදහස් අර්ධ ශිෂ්‍යත්ව 200ක් වශයෙන් ශිෂ්‍යත්ව 1000ක් ලබා දීමට එකඟතාව පළ කර ඇත. එමෙන්ම, පර්යේෂණ, සම්මන්ත්‍රණ සහ වෙනත් අධ්‍යයන කටයුතු සඳහා ශ්‍රී ලංකා/ පාකිස්ථාන විශ්වවිද්‍යාල පීඨ සාමාජිකයින් 50 දෙනෙකු දෙරට විශ්වවිද්‍යාල අතර නිශ්චිත කාල සීමාවන් සඳහා හුවමාරු කරගැනීමට ද මේ යටතේ අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.