• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1990 අංක 46 දරන කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනය කිරීම
- තාක්ෂණික, වෙළෙඳ, නිපුණතා හා පාරිසරික වැනි කර්මාන්ත අංශයේ කාලීන අවශ්‍යතාවන් සපුරා ගැනීම පිණිස ඉවහල් වන කර්මාන්ත ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා දැනට පවතින 1990 අංක 46 දරන කර්මාන්ත ප්‍රවර්ධන පනතේ ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් ඇත. ඒ අනුව, වර්තමානයට ගැළපෙන පරිදි 1990 අංක 46 දරන කර්මාන්ත ප්‍රවර්ධන පනත‍ සංශෝධනය කිරීම පිණිස කෙටුම්පතක් සකස් කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සහ අදාළ රාජ්‍ය ආයතන හා පුද්ගලික අංශයේ කර්මාන්ත සංවිධාන/කර්මාන්ත මණ්ඩල නියෝජිතයින්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් පත් කිරීම පිණිස කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.