• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා පොලීසිය නව්‍යකරණය කිරීම
- ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාව‍ය තහවුරු කිරීමටත්, නීතිය හා සාමය පවත්වා ගෙන යාමටත් බලය පැවරී ඇති ප්‍රධාන ආයතනයක් වන අතර, එය රටපුරා ජනතාවට බහුවිධ සේවාවන් සපයනු ලබයි. දැනට අනුගමනය කරනු ලබන සාම්ප්‍රදායික ක්‍රමවේද වෙනසකට ලක් කරමින් ශ්‍රී ලංකා පොලිසීය නව්‍යකරණය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත. ඒ යටතේ නවීන ක්‍රමවේදයන්ට අනුව රථ වාහන හැසිරවීමේ ක්‍රියාවලිය ඵලදායී හා කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ති‍ෙබ්. විශේෂයෙන්ම නාගරික ප්‍රදේශයන්හි පවත්නා මාර්ග තදබදය අවම කිරීම සඳහා ඩිජිටල්කරණ විසඳුම් හඳුන්වා දීම මඟින් පොලිස් රථවාහන හා මාර්ග ආරක්ෂක කොට්ඨාසයේ කටයුතු කාර්යක්ෂම කිරීම කෙරෙහි ප්‍රමුඛතාව ලබා දිය යුතුව ඇත. ඒ අනුව, එම කාර්යය සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් ශ්‍රී ලංකා පොලීසියේ සමස්ත නවීකරණ කටයුතු මෙහෙයවීමට සහ ක්‍රියාවට නැංවීම සඳහා ව්‍යාපෘතියක් සැලසුම් කිරීම පිණිස මෙහෙයුම් කමිටුවක් පත් කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.