• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය නිෂ්පාදන විදේශීය වෙළෙඳපොළවල් වෙත යොමු කිරීම පිණිස නව සමාගමක් ස්ථාපිත කිරීම
- බතික්, අත්යන්ත්‍ර රෙදි හා ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ සංකල්පයක් මත විදේශයන්හි ප්‍රදර්ශනාගාර පිහිටුවමින් එම රටවලින් තෝරාගත් නියෝජිතයන් හරහා ජාත්‍යන්තරය තුළ ශක්තිමක් වෙ‍ෙළඳ ජාලයක් ඇති කරමින් ශ්‍රී ලාංකීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රමුඛ ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. ඒ අනුව, එම කාර්යය සඳහා ලංකා සළුසල සමාගමේ 100%ක් කොටස් සහිත සමාගමක් වශයෙන් නව සමාගමක් ස්ථාපිත කිරීමටත්, එම සමාගම විසින් පත් කර ගනු ලබන විදේශීය නියෝජිතයින් හා ප්‍රදර්ශනාගාර මඟින් බතික් නිෂ්පාදන, අත් යන්ත්‍ර පේෂකර්ම නිෂ්පාදන, දේශීය ඇඟළුම් නිෂ්පාදන ඇතුළු වෙනත් දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.