• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වාරි සෞභාග්‍යා වැඩසටහන ය‍ටතේ වැව්/අමුණු වල රක්ෂිත සීමා ලකුණු කිරීම සඳහා මිනුම් කටයුතු සිදු කිරීම
- වාරි සෞභාග්‍යා වැඩසටහන ය‍ටතේ ඉදිරි වසර 04ක කාලය තුළ වැව්/අමුණු 5,000ක් පමණ ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇත. එවැනි විශාල වැව් ප්‍රමාණයක මැනුම් කටයුතු අවුරුදු 03ක් වැනි කාලයක් තුළ නිම කිරිම සඳහා දැනට මිනින්දෝරු දෙපාර්තමේන්තුව සතුව ප්‍රමාණවත් පරිදි මානව සම්පත් නොමැති බව එම දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත. එබැවින්, එම ගැටලුව විසඳීම සඳහා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයෙන් හෝ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් උපාධිය හදාරා මැනුම් පුහුණුව ලැබීමට අපේක්ෂිත සිසුන් 70 දෙනෙකු තාවකාලික පදනමින් වසර 03ක කාලයකට අභ්‍යාසලාභීන් වශයෙන් මිනුම්දෝරු දෙපාර්තමේන්තුව වෙත බඳවා ගෙන ඔවුන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත අනුයුක්ත කර මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මිනුම්දෝරුවරුන් දෙදෙනෙකුගේ අධීක්ෂණය යටතේ මැනුම් කටයුතු සඳහා යෙදවීම පිණිස වාරිමාර්ග අමාත්‍යතුමා සහ ඉඩම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.