• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රක්වාන පශු වෛද්‍ය කාර්යාලය ඉදිකිරීම සඳහා ඉඩමක් වෙන් කිරීම
- සබරගමුව පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන රක්වාන පශු වෛද්‍ය කාර්යාලය දැනට පවත්වාගෙන යනු ලබන ගොඩනැගිල්ල ඉතා අබලන් තත්ත්වයේ පවතින බැවින්, අලුතින් ගොඩනැගිල්ලක් ඉදි කිරීම සඳහා ඉඩම් කොටසක් වටිනාකම අය කිරීමකින් තොරව වෙන් කර දීමට හපුගස්තැන්න වැවිලි සමාගම එකඟතාව පළ කර ඇත. ඒ අනුව, හපුගස්තැන්න වැවිලි සමාගමට අයත් හැදර්ලි වතු යායේ හැදර්ලි කොටසින් හෙක්ටයාර 0.15ක් වන ඉඩම් කොටසක් වන්දි ගෙවීමෙන් තොරව රක්වාන පශු වෛද්‍ය කාර්යාලය ඉදි කිරීම සඳහා වෙන් කර දීම පිණිස රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.