• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොවිඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ අන්තර් පළාත් මගී බස්රථ ධාවන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම
- කොවිඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ අන්තර් පළාත් මගී බස්රථ ධාවන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා බස් ධාවකයින්ගෙන් අය කරනු ලබන යාවත් කාලීන කිරීමේ ගාස්තු, ප්‍රමාද ගාස්තු, ටෙන්ඩර් ගාස්තු, ලොග් පත්‍ර ගාස්තු, පිවිසුම් පත්‍ර ගාස්තු හා අධිවේගී මාර්ගයේ තාවකාලික අවසර පත්‍ර ගාස්තු 2020 වර්ෂයේ අවසානය දක්වා නිදහස් කිරීම පිණිස 2020 නොවැම්බර් මස 09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. බස් රථ ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට තවදුරටත් කල් ගත විය හැකි බව පෙනී යන බැවින්, එම සහන අතුරින් පහත සඳහන් සහන 2021 මාර්තු 31 දින දක්වා තවදුරටත් සලසා දීම පිණිස ප්‍රවාහන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* වාර්ෂික ටෙන්ඩර් ගාස්තුවෙන් 10%ක් හෝ රුපියල් 15,000/- යන අගයන්ගෙන් වැඩි අගය සහිත මුදල අය කිරීම.

* අධිවේගී මාර්ගයේ තාවකාලික අවසර පත්‍ර ගාස්තුවෙන් 10%ක් අය කිරීම.

* ලොග් හා පිවිසුම් පත්‍ර ගාස්තු නිදහස් කිරීම.