• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නෝර්වේ රජයේ තාක්ෂණික සහාය ඇතිව ශ්‍රී ලංකාවේ සමුද්‍ර සම්පත් කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ II වන අදියර ක්‍රියාත්මක කිරීම
- ශ්‍රී ලංකාව සහ නෝර්වේ රජය අතර ද්විපාර්ශ්වික සහයෝගිතාව යටතේ, "ශ්‍රී ලංකාවේ සමුද්‍ර සම්පත් කළමනාකරණය වැඩිදියුණු කිරීම" ව්‍යාපෘතියේ I වන අදියර 2017 සිට 2020 දක්වා කාල සීමාව තුළ ක්‍රියාත්මක කරනු ලැබ ඇත. එම ව්‍යාපෘතියේ II වන අදියර ද නෝර්වේජියානු ප්‍රදාන ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජනා වි තිබේ. යෝජිත ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ සමුද්‍ර ධීවර සම්පත් කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා නෝර්වේ රාජ්‍යයේ සමුද්‍ර පර්යේෂණ ආයතනය සහ ශ්‍රී ලංකාවේ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) යන ආයතනවල සහයෝගය ඇතිව කටයුතු කිරීමට සැලසුම් කර ඇත. ව්‍යාපෘතියේ එම අදියර යටතේ ධීවර දත්ත එකතු කිරිම, දත්ත ගබඩා කිරීම සහ භාවිතය වැඩිදියුණු කිරීම, සමුද්‍ර ධීවර සම්පත් තිරසර ලෙස කළමනාකරණය කිරීම සඳහා ධීවර පර්යේෂණවල ධාරිතාව වැඩි කිරීමත් සිදු කිරීමට නියමිතය. ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) සහ නෝර්වේ රාජ්‍යයේ සමුද්‍ර පර්යේෂණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පිණිස ධීවර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.