• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'මුල් ළමා විය අධ්‍යාපනය පිළිබඳ කළමනාකරණ සහ නියාමන ජාතික කමිටුව' පත් කිරීම
- දැනට පවතින නෛතික රාමුවට අනුව ශ්‍රී ලංකාවේ මුල් ළමා විය අධ්‍යාපන ක්‍රමවේදය මධ්‍යම රජය සහ පළාත් සභාවලට අයත් ආයතනික ස්ථර කිහිපයක් හරහා සිදු වන සම්බන්ධීකරණයකින් ක්‍රියාත්මක වන අතර, එම ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් ජාතික මට්ටමින් පවත්වා ගැනීමේ හා අධීක්ෂණය කිරීමේ ක්‍රියාවලිය බලගැන්වීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, පෙර පාසල්, මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන, දිවා සුරැකුම් මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ජාතික මට්ටමින් නියාමනය, අධීක්ෂණය සහ මග පෙන්වීම සඳහා අදාළ ක්ෂේත්‍රයේ විද්වතුන්ගෙන් සහ තීරණ ගනු ලබන නිලධාරින්ගෙන් සමන්විතව "මුල් ළමා විය අධ්‍යාපනය පිළිබඳ කළමනාකරණ සහ නියාමන ජාතික කමිටුව" යනුවෙන් කමිටුවක් පත් කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.