• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ ඒ යටතේ වන ආයතන එක් ගොඩනැඟිල්ලක ස්ථාපිත කිරීම
- දැනට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා ඒ යටතේ වන දෙපාර්තමේන්තු හා ආයතන ස්ථාන කිහිපයක පවත්වාගෙන යන බැවින්, අමාත්‍යාංශය සහ එම ආයතන එක් ගොඩනැඟිල්ලක ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පැන නැඟී ඇත. ඒ සඳහා කොළඹ 10, ඩී.ආර් විජයවර්ධන මාවතේ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහා දැනට ඉදි කෙරෙමින් පවතින මහල් 09 කින් යුත් ගොඩනැඟිල්ල සුදුසු බවට හඳුනා ගෙන තිබේ. ඒ අනුව, එකී ගොඩනැඟිල්ල සහ එය පිහිටි ඉඩම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත පවරා ගැනීමටත්, ඉන් අනතුරුව ඉදි කිරීම් කටයුතු අවසන් කර අමාත්‍යාංශය සහ ඒ යටතේ වන සියලු ආයතන එම ගොඩනැඟිල්ලේ ස්ථාපිත කිරීමටත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.