• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ පාකිස්ථානයේ කොම්සැට්ස් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම
- පාකිස්ථානයේ කොම්සැට්ස් විශ්වවිද්‍යාලයේ (COMSATS UNIVERSITY, PAKISTAN) ජෛව වෛද්‍ය විද්‍යාත්මක ද්‍රව්‍ය පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය, ජෛව ද්‍රව්‍ය පටක ඉංජිනේරු ක්ෂේත්‍රයට අදාළව අන්තර්ජාතික පේටන්ට් බලපත්‍ර ගණනාවක් හිමි කර ගෙන ඇති ආයතනයකි. එම විශ්වවිද්‍යාලය සමඟ ජෛව ‍ද්‍රව්‍ය, පටක ඉංජිනේරු, පුනර්ජනනීය වෛද්‍ය විද්‍යාව, සංවේදක සහ ජෛව සංවේදක වැනි ක්ෂේත්‍රයන්ට අදාළව දැනුම හුවමාරු කර ගැනීම හා දෙරටට අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වූ අංශයන් පිළිබඳ සහයෝගී පර්යේෂණ පැවැත්වීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට යෝජනා වී ඇත. ඒ අනුව, ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ පාකිස්ථානයේ කොම්සැට්ස් විශ්වවිද්‍යාලය අතර යෝජිත අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.