• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ආරක්ෂක විද්‍යායතනය, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය යටතේ ප්‍රතීතනය කිරීම
- "ජාතික ආරක්ෂක විද්‍යායතනය" පාර්ලිමේන්තු පනතකින් සංස්ථාපනය කිරීම සඳහා "ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යායතන පනත" කෙටුම්පත් කිරීම පිණිස 2019 දෙසැම්බර් මස 18 දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එම ආයතනයේ අධ්‍යයන කටයුතු 2021 මැයි මසදී ආරම්භ කිරීමට නියමිත අතර මාස 11ක පූර්ණකාලීන පාඨමාලාවක් සාර්ථකව හදාරන විද්‍යාර්ථීන්හට ndc සුදුසුකම ප්‍රදානය කිරීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ඉහත පනත මඟින් සැලසෙනු ඇත. ලෝකයේ බොහෝ රටවල් විසින් එම රටවල ජාතික ආරක්ෂක විද්‍යායතන මඟින් ndc පාඨමාලාවට සමගාමීව ජාතික විශ්වවිද්‍යාලයන් සමඟ සම්බන්ධ වී විද්‍යාපති හෝ දර්ශනපති උපාධි පිරිනමනු ලබයි. එබැවින්, එම කරුණ සැලකිල්ලට ගෙන, ජාතික ආරක්ෂක විද්‍යායතනයේ අධ්‍යයන කටයුතු සිදු කරනු ලබන විද්‍යාර්ථීන්හට ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි පිරිනැමීමට හැකි වන පරිදි ජාතික ආරක්ෂක විද්‍යායතනය, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය යටතේ ප්‍රතීතනය කිරීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.