• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවාගැනීම
- මේ වන විට ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ I, II සහ III යන ශ්‍රේණිවල පුරප්පාඩු 4,600ක් පමණ පවතින අතර, දැනට රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ තරග විභාගයක් සහ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ පවත්වා විධිමත් පත්වීම් ලබා දීම සඳහා වර්ෂයකට වඩා වැඩි කාලයක් ගත වන බව නිරීක්ෂණය වී ඇත. එම කරුණු සැලකිල්ලට ගනිමින්, දැනට දීර්ඝ කාලයක් තිස්සේ විදුහල්පති තනතුරුවල වැඩ බලන සහ රාජකාරි ආවරණය කරන ගුරු සේවයේ සුදුසුකම් ලත් නිලධාරින්ට සහ සේවා ව්‍යවස්ථාව අනුව සුදුසුකම් සපුරන ගුරු සේවයේ අනෙකුත් නිලධාරින්ට ද අවස්ථාව ලබා දෙමින් මේ අවස්ථාවට පමණක් සීමා වන පරිදි තරග විභාගයක් පැවැත්වීම වෙනුවට ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් පවත්වා සුදුස්සන් තෝරාගෙන ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට පත් කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.