• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2021 01 12 දින පැවැත්වුණු ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ රැස්වීමේ වාර්තාව
- පහත සඳහන් පනත් කෙටුම්පත් සකස් කිරීමට අදාළව ඉදිරිපත් කරන ලද සංකල්ප පත්‍රිකා, පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව වෙත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පරිදි යොමු කරනු ලැබ ඇත. එම අනුකාරක සභාවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් අදාළ පනත් කෙටුම්පත් සකස් කිරීම පිණිස ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ සභාපති වශයෙන් අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයේ ඇතුළත් ‍ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත වෙනුවට නව ව්‍යවස්ථාවක් පැනවීම

* මුස්ලිම් විවාහ සහ දික්කසාද (සංශෝධන) පනත් කෙටුම්පත

* දණ්ඩ නීති සංග්‍රහය සඳහා සංශෝධන (19 වන අධිකාරය) (මානව අභිමානය සහ සමාජ සමගිය ආරක්ෂා කිරීම, ව්‍යාජ ප්‍රවෘත්ති සහ ද්වේෂ සහගත භාෂණය)

* 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සඳහා සංශෝධන (මානව අභිමානය සහ සමාජ සමගිය ආරක්ෂා කිරීම, ව්‍යාජ ප්‍රවෘත්ති සහ ද්වේෂ සහගත භාෂණය)