• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දණ්ඩ නීති සංග්‍රහයේ 285, 286 සහ 286අ වගන්ති පරිච්ඡින්න කිරීම
- අශ්ලීල ප්‍රකාශන තහනම් කිරීමේ පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා 2020 සැප්තැම්බර් 29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එම පනත් කෙටුම්පත සම්මත වීමත් සමඟ 1927 අශ්ලීල ප්‍රකාශන ආඥාපනත පරිච්ඡින්න කෙරෙනු ඇත. එසේම, එකී පනත් කෙටුම්පත සම්මත වීමත් සමඟම දණ්ඩ නීති සංග්‍රහයේ 285, 286 සහ 286අ යන වගන්ති ක්‍රියාත්මක වීම ද අවශ්‍ය නොවනු ඇත. ඒ අනුව, දණ්ඩ නීති සංග්‍රහයේ එකී වගන්ති පරිච්ඡින්න කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.