• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යොවුන් සේනාංක පනත පරිච්ඡින්න කර යොවුන් සේනාංකය අධිකාරියක් ලෙස ස්ථාපිත කිරීම
- 2002 අංක 21 දරන යොවුන් සේනාංක පනත පරිච්ඡින්න කර යොවුන් සේනාංක අධිකාරිය පිහිටුවීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස 2011 දෙසැම්බර් මස 15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගෙන නොමැත. එබැවින්, 2002 අංක 21 දරන යොවුන් සේනාංක පනත පරිච්ඡින්න කර යොවුන් සේනාංක අධිකාරිය ස්ථාපිත කිරීමට හැකි වනු පිණිස තවදුරටත් සිදු කළ යුතු සංශෝධන ඇතුළත් කරමින් අදාළ පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු කඩිනමින් නිම කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.