• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කැකිරාව - තලාව -‍ ගනේවල්පොල - දච්චිහල්මිල්ලෑව මාර්ගය පුනරුත්ථාපනය කිරීම, වැඩිදියුණු කිරීම සහ නඩත්තු කිරීම සඳහා වන සිවිල් වැඩ කොන්ත්‍රාත්තු පැකේජ හයක් ප්‍රදානය කිරීම
- ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ උතුරු මැද පළාතේ කැකිරාව-තලාව-‍ගනේවල්පොල-දච්චිහල්මිල්ලෑව මාර්ගය පුනරුත්ථාපනය කිරීම, වැඩිදියුණු කිරීම සහ නඩත්තු කිරීම සඳහා වන සිවිල් වැඩ කොන්ත්‍රාත්තු පැකේජ හයක් සඳහා තරගකාරි ලංසු කැඳවා ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි අදාළ කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.