• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රසම්පාදන කමිටුවල අධිකාරි සීමාවන් සංශෝධනය කිරීම
- මහජනතාවට කඩිනම් සහන සැලසෙන ව්‍යාපෘති රාශියක් 2021-2023 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීම සඳහා අනුමැතිය ලැබී ඇත. එම ව්‍යාපෘතීන් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි දැනට පවතින කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමේ අධිකාරී සීමාවන් මහාමාර්ග, ජලසම්පාදන, වාරිමාර්ග, විදුලිබල, වරාය හා නාගරික සංවර්ධන යන අමාත්‍යාංශවල විෂය ක්ෂේත්‍රයන්ට අදාළව ඉහළ දැමීම පිණිස මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.