• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අධිකරණ ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ තුන් අවුරුදු සැලැස්ම
- ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයේ පවතින අසාමාන්‍ය ප්‍රමාදය රට තුළ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා අභියෝගයක් වී ඇත. ජාත්‍යන්තර දර්ශක බොහොමයක මෙම තත්ත්වය නිරූපණය වන අතර, එය විදේශ ආයෝජන කෙරෙහි ද සෘජු ලෙස බලපානු ලබයි. එම ගැටලුව විසඳීම සඳහා අධිකරණ ක්ෂේත්‍රයට ප්‍රමාණවත් මානව හා භෞතික සම්පත් සැපයීම, නවීන තාක්ෂණය හඳුන්වා දීම, විකල්ප ආරවුල් නිරවුල් කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම හා අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම අත්‍යවශ්‍ය වී ඇත. ඒ අනුව, අධිකරණ ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ තුන් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සඳහා 2021 වර්ෂයේ අයවැය මඟින් රුපියල් මිලියන 20,000ක් වෙන් කිරීමට යෝජනා කරනු ලැබ ඇත. එම ප්‍රතිපාදන ප්‍රයෝජනයට ගෙන තෝරාගත් විෂය ක්ෂේත්‍රයන් 06ක් යටතේ අධිකරණ ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.