• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය හා රැකියා උත්පාදනය උදෙසා ණය පහසුකම් සැලසීම සඳහා වන ස්වශක්ති ණය යෝජනා ක්‍රමය සංශෝධනය කිරීම
- තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය හා රැකියා උත්පාදනය උදෙසා ණය පහසුකම් සැලසීම සඳහා වන ස්වශක්ති ණය යෝජනා ක්‍රමය සංශෝධනය කරමින් ක්‍රියාත්මක කිරීම පිණිස 2020 ඔක්තෝබර් මස 26 දින පැවති රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එම ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දී ඇති ණය වලින් 58%ක් පවතින ව්‍යාපාර වෙනුවෙන් හා 42%ක් නව ව්‍යාපාර සඳහා ලබා දී ඇත. ඒ අනුව, අදාළ ණය යෝජනා ක්‍රමය යටතේ නව නිෂ්පාදන හෝ වෙළෙඳපොළ සංවර්ධනය කර ගනිමින් ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා යොමු වන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ දැනට පවතින ව්‍යාපාර සඳහා ද ස්වශක්ති ණය යෝජනා ක්‍රමය යටතේ ණය පහසුකම් ලබා ගැනීම පිණිස අවස්ථාව සලසා දීමටත්, ඒ යටතේ රුපියල් මිලියන 2ක් නොඉක්මවන පරිදි ණය පහසුකම් ලබා දීමටත් තරුණ හා ක්‍රීඩා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.