• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගාල්ල, අක්මීමන ප්‍රදේශයේ යෝජිත කඩොලාන උද්භිද උද්‍යානය ස්ථාපිත කිරීම
- අක්මීමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයේ නුගදූව ග්‍රාමනිලධාරි වසමේ පින්නදූව අධිවේගී මාර්ග පිවිසුමට ආසන්නයේ හෙක්ටයාර 26.71ක පමණ භූමි ප්‍රදේශයක ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව විසින් නව කඩොලාන උද්භිද උද්‍යානයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. ශ්‍රී ලංකාවේ කඩොලාන ශාක විතැන් සංරක්ෂණය (ex-situ conservation) සඳහා ජාතික උද්භිද උද්‍යාන ඇතුළු වෙනත් කිසිදු ආයතනයක් මේ දක්වා ක්‍රියාත්මක නොවන බැවින් මෙම කඩොලාන උද්භිද උද්‍යානය පිහිටුවිම මඟින් එම අඩුපාඩුව සැපිරෙනු ඇත. එමෙන්ම, එකී යෝජිත උද්‍යානය ස්ථාපිත කිරීම මඟින් සංචා‍රක ව්‍යාපාරය නගා සිටුවීමට හා කඩොලාන ශාක පිළිබඳව ජාතික හා ජාත්‍යන්තර පර්යේෂණයන්ට සහාය වීමට ද ඉඩ ලැබෙනු ඇත. ඒ අනුව, යෝජිත කඩොලාන උද්භිද උද්‍යානය ස්ථාපිත කිරීම පිණිස සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.