• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ රබර් වගාව හා ඒ ආශ්‍රිත කර්මාන්ත සංවර්ධනය සඳහා කමිටුවක් පිහිටුවීම
- උද්ගත වී ඇති කොවිඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ රබර් භාවිත කර නිපදවන අත් ආවරණ ඇතුළු අනෙකුත් සෞඛ්‍යාරක්ෂිත උපාංග සඳහා වන ගෝලීය ඉල්ලුම විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර, මෙරට රබර් ආශ්‍රිත නිෂ්පාදන සඳහා අවශ්‍ය වන අමු රබර් දේශීයව නිපදවීමේ ජාතික අවශ්‍යතාවයක් මතුව ඇත. මේ සඳහා අමු රබර් නිෂ්පාදනයට සම්බන්ධ මෙන්ම රබර් නිෂ්පාදන කර්මාන්තායතන හා ඍජුවම සම්බන්ධ වන රාජ්‍ය හා පෞද්ගලික ආයතන එක්ව දේශීය රබර් ක්ෂේත්‍රය දිරි ගන්වමින් වැවිලිකරුවන් හා කර්මාන්තකරුවන් ඒකාබද්ධ කරමින් ක්‍රියාත්මක වන සම්බන්ධීකරණ කමිටුවක් පත් කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාවේ රබර් ක්ෂේත්‍රයේ අගය දාමය මනා ක්‍රියාකාරිත්වයකින් යුතුව ඉදිරියට පවත්වාගෙන යාමටත්, පවතින ගැටලු සාකච්ඡා කර නිරාකරණය කර ගැනීමටත්, ප්‍රතිපත්තිමය නිර්දේශයන් රජයට ඉදිරිපත් කිරීමටත් වැවිලි අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතිත්වයෙන් යුතුව, අනෙකුත් අදාළ අමාත්‍යාංශ හා ආයතනවල නියෝජිතයිගෙන් සමන්විත "රබර් වගා හා කර්මාන්ත සංවර්ධනය සඳහා වූ අන්තර් ආයතන සම්බන්ධීකරණ කමිටුව" නමින් කමිටුවක් පත් කිරීම පිණිස වැවිලි අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.