• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නිර්විනාශක පරීක්ෂණ සහතිකකරණ ආයතනය, නිර්විනාශක පරීක්ෂණ සහතිකකරණ ජාතික ආයතනය ලෙස නම් කිරීම
- නිර්විනාශක පරීක්ෂණ සහතිකකරණ ආයතනය, නිර්විනාශක පරීක්ෂණ පුහුණු කිරීම් සහ පරීක්ෂණ සේවාවන් ප්‍රවර්ධනය කරන අතරම, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නිර්විනාශක පරීක්ෂණ සුදුසුකම් සහ පිරිස් සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය යටතේ ස්වාධීන ආයතනයක් ලෙස කටයුකු කරනු ලබයි. නිර්විනාශක පරීක්ෂණ පුහුණු කිරීම සහ සහතික කිරීම් සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගැනීම පිණිස සෑම රටක් විසින්ම නිර්විනාශක පරීක්ෂණ සහතිකකරණ ජාතික ආයතනයක් ස්ථාපිත කළ යුතු වේ. ඒ අනුව, දැනටමත් ස්ථාපිත කර ඇති නිර්විනාශක පරීක්ෂණ සහතිකකරණ ආයතනයෙහි නාමය "නිර්විනාශක පරීක්ෂණ සහතිකකරණ ජාතික ආයතනය" ලෙස වෙනස් කිරීම පිණිස විදුලිබල අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.