• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආනමඩුව, තම්මැන්නාගම පිහිටි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු ඉඩම සහ ගොඩනැගිලි ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය වෙත පැවරීම
- හෙක්ටයාර 3.585ක් වන ආනමඩුව, තම්මැන්නාගම පිහිටි ගම් උදා භූමිය සහ එහි පවතින සියලු‍ ගොඩනැගිලි විශේෂ දීමනා පත්‍රයක් මඟින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත පවරා ඇත. ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ආනමඩුව කලාපීය මධ්‍යස්ථානය ආරම්භ කිරීම සඳහා එකී ඉඩම සහ ගොඩනැගිලි පවරා දෙන මෙන් එම ආයතනය විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති අතර, ඒ සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් එකඟතාව පළ කර ඇත. එකී ඉඩම සහ ගොඩනැගිලි නැවත රජයට පවරාගෙන ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය වෙත නිදහස් දීමනා පත්‍රයක් මඟින් පවරා දීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී