• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හිංසනයෙහි වින්දිතයින් බවට පත්වන කාන්තාවන් සඳහා ආරක්ෂාව සැලසීම සඳහා වූ තාවකාලික රැකවරණ මධ්‍යස්ථාන පරිපාලනය
- හිංසනයෙහි වින්දිතයින් බවට පත්වන කාන්තාවන් හා ඔවුන්ගේ දරුවන් සඳහා තාවකාලික රැකවරණ සැලසීම පිණිස උතුරු, නැගෙනහිර, බස්නාහිර හා සබරගමුව යන පළාත්වල තාවකාලික කාන්තා රැකවරණ මධ්‍යස්ථාන ඉදි කර ඇත. ඒ අතුරින් යාපනය, මුලතිව්, මඩකලපුව, කොළඹ හා මාතර පිහිටි රැකවරණ මධ්‍යස්ථානවල පරිපාලන කටයුතු පවත්වාගෙන යාම සඳහා 2018 වර්ෂයේ සිට Women In Need (WIN) සහ Jaffna Social Action Center (JSAC) යන රාජ්‍ය නොවන සංවිධාන සමඟ ගිවිසුම්වලට එළඹ ඇත. 2021 වර්ෂය තුළදී ද අදාළ රැකවරණ මධ්‍යස්ථානවල පරිපාලන කටයුතු පවත්වාගෙන යාම සඳහා තවදුරටත් එම රාජ්‍ය නොවන සංවිධානයන්හි සේවය ලබා ගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.