• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව හා තුර්කිය අතර රේගු කටයුතු පිළිබඳ සහයෝගිතාව සහ ‍අන්‍යොන්‍ය පරිපාලනමය සහාය පිළිබඳ ගිවිසුම
- රේගු කටයුතු පිළිබඳ සහයෝගිතාව සහ ‍අන්‍යොන්‍ය පරිපාලනමය සහාය පිළිබඳව ඉන්දියාව, පාකිස්ථානය හා චීනය ඇතුළුව තෝරා ගත් වෙළෙඳ හවුල්කාර රටවල් ගණනාවක් සමඟ ශ්‍රී ලංකාව මේ වන විටත් ගිවිසුම්වලට එළඹ තිබේ. විනිවිදභාවයෙන් යුත් පිළිගත් පටිපාටි හරහා නීත්‍යානුකූල වෙළඳාම සඳහා පහසුකම් සැලසීම, දෙරට අතර වෙළඳාම සඳහා වන පිරිවැය අවම කිරීම සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය මැඬලීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාව හා තුර්කිය අතර ද එවැනි ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත. ඒ අනුව, දෙපාර්ශ්වය අතර අදාළ ගිවිසුම අත්සන් තැබීම පිණිස මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.