• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2015 ජනවාරි මස 14 දින සිට 2018 දෙසැම්බර් මස 31 දින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැ‍ලකෙන දූෂණ හා වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
- 2019 ජනවාරි මස 14 දිනැති ජනාධිපති විධානය මඟින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මැතිතුමාගේ සභාපතිත්වයෙන් යුතුව පත් කරනු ලැබ ඇති ඉහත කොමිෂන් සභාවේ අවසන් වාර්තාව එවකට සිටි ජනාධිපතිතුමා වෙත භාර දෙනු ලැබ ඇත. එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.