• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2020/21 මහ කන්නයේ වී මිල දී ගැනීමේ වැඩසටහන
- 2020/21 මහ කන්නයේ වී මිල දී ගැනීමේ වැඩසටහනේ ප්‍රගතිය අමාත්‍ය මණ්ඩලය විසින් සමාලෝචනය කරන ලදී. එම වැඩසටහන යටතේ ගොවීන්ට ඉහළම මිලක් ලැබෙන පරිදි පෞද්ගලික අංශය සමඟ තරගකාරි අයුරින් වී මිල දී ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී. එසේම, ඉහළ මිලක් යටතේ වී මිල දී ගනු ලැබුව ද නාඩු සහල් මිල ඉදිරියේදී කිලෝග්‍රෑම් එකකට රුපියල් 98/-ක් වශයෙන් කිසිදු වෙනසකින් තොරව පවත්වා ගෙන යාමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.