• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම, බදු නීති සංශෝධනය කිරීම
- 2021 අයවැය යෝජනා මඟින් ආර්ථිකයේ සියලුම පාර්ශ්වකරුවන් වෙනුවෙන් සරල, විනිවිදභාවයෙන් යුත් සහ කාර්යක්ෂම බදු ක්‍රමයක් හඳුන්වා දී ඇත. ඒ අනුව, එකී බදු යෝජනා ක්‍රියාත්මක කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහාත්, ඊට අදාළ අනෙකුත් ක්‍රියාමාර්ග ගැනීම සඳහාත් මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.