• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාකිස්ථානයේ කරච්චි විශ්වවිද්‍යාලයේ රසායනික හා ජීව විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානය සහ කාර්මික තාක්ෂණ ආයතනය අතර අවබෝධතා ගිවිසුම
- පාකිස්ථානයේ කරච්චි විශ්වවිද්‍යාලයේ රසායනික හා ජීව විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථනය සහ කාර්මික තාක්ෂණ ආයතනය අතර පර්යේෂණ සහ අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත. ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස තාක්ෂණ අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.