• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පරිසර හිතකාමී කාබනික පොහොර බෙදා හැරීමේ නියමු ව්‍යාපෘතිය - වී වගාව සඳහා 2021 යල කන්නය තුළ පොහොර බෙදා හැරීම
- 2020 යල කන්නය සහ 2020/21 මහ කන්නය තුළ පරිසර හිතකාමී කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා තෝරාගත් දිස්ත්‍රික්කවල ගොවීන්ට කාබනික පොහොර සහ කාබනික දියර පොහොර නොමිලේ ලබා දීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලැබ ඇත. එම නියමු ව්‍යාපෘතියේ ඵලදායීතාව නිශ්චය කර ගැනීම සඳහා අවම වශයෙන් කන්න 04ක් එම ක්‍රමවේදය යටතේ වගා කළ යුතු වේ. ඒ අනුව, එකී නියමු ව්‍යාපෘතිය තවදුරටත් 2021 යල කන්නයේදී ද ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය කාබනික පොහොර සහ කාබනික දියර පොහොර, පොහොර උපදේශන කමිටුව අනුමත කර ඇති නිර්දේශයන් පදනම් කර ගෙන බලපත්‍රලාභී පොහොර නිෂ්පාදකයින් වෙතින් මිල දී ගැනීම සඳහා සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කිරීමටත්, එම කමිටුවේ නිර්දේශය පදනම් කර ගෙන අදාළ දිස්ත්‍රික්කවල තෝරාගත් ගොවීන් වෙත පොහොර ලබා දීමටත් කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.