• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොවිඩ් - 19 එන්නත් වැඩසටහන
- කොවිඩ් - 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා රටේ මුළු ජනගහනයෙන් මිලියන 14කට කොවිඩ් - 19 එන්නත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සැලසුම් කර ඇත. ඒ අනුව, වැඩබලන සෞඛ්‍ය ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද පහත සඳහන් යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* COVAX පහසුකම යටතේ කොවිඩ් - 19 එන්නත ලබා ගැනීම කඩිනම් කිරීමට හැකි වනු පිණිස COVAX යාන්ත්‍රණය විසින් ඉදිරිපත් කර ඇති ප්‍රමිතිගත මුක්තිදාන ගිවිසුමට (Standardized Indemnification Agreement) අත්සන් තැබීම සඳහා.

* ඉන්දියාවේ The Serum Institute Life Sciences Private Limited වෙතින් සෘජු ප්‍රසම්පාදනයක් වශයෙන් Oxford AstraZeneca එන්නත් මිලියන 10ක් ඇමෙරිකානු ඩොලර් මිලියන 52.5ක මුදලකට ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගැනීම සඳහා.

* මහා බ්‍රිතාන්‍යයේ AstraZeneca ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන කොවිඩ් - 19 එන්නත් මිලියන 3.5ක් මිල දී ගැනීමට ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් එම ආයතනය සමඟ ගිවිසුමකට එළඹීම සඳහා.