• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මිනිස් වෙළඳාම අධීක්ෂණය කිරීමේ සහ වැළැක්වීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2021-2025
- මිනිස් වෙළඳාම අධීක්ෂණය කිරීම සහ වැළැක්වීම සඳහා 2015-2019 දක්වා ක්‍රියාත්මකව පැවති ක්‍රියාකාරී සැලැස්ම සමාලෝචනයකට ලක් කර එකී සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී ලද අත්දැකීම් හා අදාළ අනෙකුත් පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කරන ලද අදහස් සැලකිල්ලට ගෙන, 2021-2025 දක්වා ක්‍රියාත්මක වීමට නියමිත ක්‍රියාකාරි සැලැස්ම සකස් කර ඇත. ඒ අනුව, 2021-2025 මිනිස් වෙළඳාම අධීක්ෂණය කිරීම සහ වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරි සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිණිස අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.