• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජසන්තක කරන ලද වැලි හා දැව බැහැර කිරීමේ ක්‍රියාවලිය
- දිවයින පුරා පිහිටි අධිකරණ මගින් රාජසන්තක කරනු ලබන වැලි හා දැව ආගමික සිද්ධස්ථාන ඉදිකිරීම් හා පිළිසකර කටයුතු සඳහා සහන මිලට ලබා දීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති අතර, එකී අනුමැතිය 2020 දෙසැම්බර් මස 31 දින අවසන් වී ඇත. එම වැඩසටහන යටතේ දැනට අනුගමනය කරන ක්‍රමවේදය සංශෝධනය කරමින් තවදුරටත් ක්‍රියාත්මක කිරීම පිණිස අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.