• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කළුතර කර්මාන්තපුරය පුළුල් කිරීම
- කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ "පුලර්ටන් වත්ත" ඉඩමේ අක්කර 50ක කළුතර කර්මාන්තපුරය පවත්වා ගෙන යන අතර, මේ වන විට ආයෝජකයින් 33 දෙනෙකු කර්මාන්තශාලා ආරම්භ කර වාණිජ නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යනු ලබයි. එම ආයෝජකයින් විසින් රුපියල් මිලියන 837ක් පමණ ආයෝජනය කර ඇති අතර, රැකියා අවස්ථා 775ක් පමණ සපයා ඇත. බස්නාහිර පළාතේ කර්මාන්ත ආරම්භ කිරීම සඳහා දේශීය හා විදේශීය ආයෝජකයින් ඉදිරිපත් වී ඇති නමුත් ඔවුන් සඳහා ලබා දීමට ඉඩම් කොටස් බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වන කර්මාන්තපුර 08 තුළම ඉතිරි වී නොමැත. එම කරුණු සැලකිල්ලට ගෙන, කළුතර කර්මාන්තපුරයට යාබදව පිහිටි හෙක්ටයාර 1.946ක රජයේ ඉඩම් කොටස කළුතර කර්මාන්තපුරය ව්‍යාප්ත කිරීම සඳහා වෙන් කර ගැනීමටත්, අවශ්‍ය යටිතල පහසුකම් සැලසීමෙන් අනතුරුව ප්‍රාදේශීය කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන යටතේ කර්මාන්තකරුවන් වෙත බෙදා දීම සඳහාත් කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.