• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කර්මාන්ත අමාත්‍යාංශ කාර්යාල පරිශ්‍රය නාගරික සංවර්ධන අධිකාරියට පවරා නව කාර්යාල පරිශ්‍රයක ස්ථානගත කිරීම
- කර්මාන්ත අමාත්‍යාංශය දැනට පවත්වා ගෙන යන භූමිය අක්කර 01 පර්චස් 7කින් සමන්විත වන අතර, එය ආර්ථික හා වාණිජමය වශයෙන් ඉතා ඉහළ වටිනාකමක් සහිත ස්ථානයක පිහිටා ඇත. එම ඉඩමේ වර්තමාන වටිනාකම රුපියල් බිලියන 2.32ක් පමණ වන බව රජයේ තක්සේරුකරු විසින් තක්සේරු කර ඇත. ආර්ථික වශයෙන් වඩාත් ඵලදායී කටයුත්තකට එම භූමිය යෙදවීමට හැකි වන පරිදි එම ඉඩම් කොටස නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා දීමටත්, ඒ වෙනුවට අවශ්‍ය ගෘහ භාණ්ඩ ඇතුළු අනෙකුත් පහසුකම් සහිතව වර්ග අඩි 50,000කින් සහ අවශ්‍ය යටිතල පහසුකම් සහිතව වාහන 75ක් පමණ ගාල් කිරීමේ පහසුකම සහිත ගොඩනැගිල්ලක් කර්මාන්ත අමාත්‍යාංශය වෙත නාගරික සංවර්ධන අධිකාරිය වෙතින් ලබා ගැනීමටත්, කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.