• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආයෝජන කඩිනම් කිරීම
- මෑතකදී ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ආයෝජකයින් කිහිපදෙනෙකු ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා ඔවුන්ගේ උනන්දුව පෙන්නුම් කර ඇත. එහෙත්, එවැනි ආයෝජකයින්ට පහසුකම් සැලසීම සඳහා දැනට පවතින ක්‍රමවේදය දීර්ඝ ක්‍රියාවලියක් වීම හේතුවෙන් ආයෝජකයාගේ උනන්දුව මත ශ්‍රී ලංකාවේ ආයෝජන බලධාරින් මඟින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීමට සිදු වී ඇත. මෙම තත්ත්වය යටතේ එවැනි ආයෝජන දිරිගැන්වීම සඳහා වඩාත් විධිමත් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමේ කඩිනම් අවශ්‍යතාව රජය විසින් හඳුනාගෙන ඇත. එබැවින්, "අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ආයෝජන කළමනාකරණ කමිටුව" නමින් භාණ්ඩාගාරයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් හා අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සහ ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාගේ සහභාගිත්වයෙන් කමිටුවක් පත් කිරීමටත්, ආයෝජන යෝජනා සඳහා කඩිනමින් අනුමැතිය ලබා දීම පිණිස අවශ්‍ය පියවර ගැනීම එම කමිටුවට පැවරීමටත් මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.